බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්..

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් - බකිංහැම් මාලිගය

by Staff writer 08-09-2022 | 9:24 PM

COLOMBO (News 1st) –  70 වසරක ජුබිලය සැමරූ බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි. 

බකිංහැම් මාලිගය නිවේදනය කරන්නේ, බැල්මොරල් මාලිගාවේ රැඳී සිටින රැජිණගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වෛද්‍යවරුන් දැඩි ලෙස අවදානය යොමු කර ඇති බවයි.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ , පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා ද වන බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ අසනීප තත්වය පිළිබදව තමන් කණගාටුව පලකරන බවයි.

ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා පවසයි