.webp)
COLOMBO (News 1st) – නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වූ දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද වැඩ භාරගත්තේ ය.
ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ කරුණාරත්න මහතා ප්‍රවෘත්ති සමකර්තෘ ධුරය ඇතුළු වගකීම් සහිත තනතුරු රැසක් හෙඹ වූ හසල අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙකි.
ජීව විද්‍යා උපාධිධාරියෙකු වන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ඇමෙරිකාවේ කැලිෆෝනියාහි සැන්ටා මොනිකා විද්‍යාලයේ සන්නිවේදනය විෂය පිළිබඳ උසස් අධ්‍යාපනයක් හදාරා ඇති කරුණාරත්න මහතා දශක 3 කට වැඩි කාලයක් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළේ මනා පරිචයක් සහිත මාධ්‍යවේදියෙකු ලෙසයි.