පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ තීරණයක්

ලබන සතියේ සිට යළිත් පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ තීරණයක්

by Staff writer 07-09-2022 | 4:16 PM

COLOMBO (News 1st); නගර ආශ්‍රිත පාසල්වල දරුවන් සතුව මත්ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ලබන සතියේ සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. 

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, සියලුම පළාත් අධ්‍යක්ෂවරුන් හරහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වන චක්‍ර ලේඛය ලබන සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි. 

පාසල් සංවර්ධන සමිති, දෙමාපියන්, ආදි ශිෂ්‍යයින් හා ශිෂ්‍ය නායකයින් නාගරික පාසල් ආශ්‍රිතව උදෑසන පාසලට පැමිණෙන දරුවන්ගේ පාසල් බෑග් පරීක්ෂා කිරීමේ  වැඩපිළිවෙළ මීට පෙර ක්‍රියාත්මක වුව ද  වර්තමානයේ එය ක්‍රියාත්මක නොවන බව  අමාත්‍යවරයා පැවසී ය.