.webp)
එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ සඳහා විෂ වර්ග අබිං හා අන්තරායකර ඖෂධ ආඥා පනතට කඩිනමින් සංශෝධන ගෙන එන බවයි.
දැනට අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නන් හා අලෙවි කරන්නන් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත මුදා හැරේ.
නව සංශෝධන අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගන්නන් හෝ ජාවාරම් කරන්නන්ට ඇප හිමි වන්නේ නැත.
ඒ සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් ජීවිතාන්තය දක්වා හෝ මරණ දඬුවම හිමිවන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ ය.
ඔහු ප්‍රකාශ කළේ, අයිස් මත්ද්‍රව්‍ය මේ වනවිට මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රියංගිකා අමරබන්දු මහත්මිය පැවසුවේ, අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය 225 ගුණයකින් වැඩිවී ඇති බවයි.
අයිස් මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඇය සඳහන් කළා ය.