IMF එකඟතා තවම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ.. ඇමති සුසිල් පිළිගනී

by Staff writer 06-09-2022 | 2:04 PM

COLOMBO (News 1st) – IMF කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුම මෙතෙක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැතැයි, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (06) පාර්ලිමේන්තුවේදී පිළිගත්තේ ය. 

ඒ  එකඟතා ගිවිසුම කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබේ ද සහ ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් දැයි, අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා විමසූ පැනයකට පිළිතුරු දෙමිනි. 

අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,  ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ අවසරය ගත යුතුව ඇති බවයි.