COLOMBO (News 1st) - 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලවුවත් ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම සභාවට දැනුම් දුන්නේ ය.