.webp)
COLOMBO (News 1st) – මත් කරල් 9,000 ක් පමණ වෑන් රථයකින් සහ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ අළුබෝමුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සුඛෝපභෝගී මෝටර් රථයකින් සහ වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් මත් කරල් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාලමුල්ල සහ හිරණ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32 හා 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
කරල් 10 කින් යුත් කාඩ් පතක් රුපියල් 1,000 ක මිලකට අලෙවි කරන බවට හෙළිව ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.