ගංගා ද්‍රෝණි කිහිපයක් ආශ්‍රිතව ගංවතුර අවදානමක්

ගංගා ද්‍රෝණි කිහිපයක් ආශ්‍රිතව ගංවතුර අවදානමක්... විමසිලිමත් වන්නැයි ජනතාවට උපදෙස්

by Sagarika Chathumali 05-09-2022 | 3:10 PM

 COLOMBO (News 1st) –  ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ද්‍රෝණිවල ඇතැම්  ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ  අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, කාලගුණ පුරෝකථනයන්ට අනුව අද (05) රාත්‍රී සිට ඉදිරි පැය 24 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ අනුව ඉහත ගංගා ද්‍රෝණිවලට දැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවත් ය. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ගංගා අතු ගංඟා භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙනු ලබයි.