.webp)

COLOMBO (News 1st) - 2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ පිලිපීනය සමග අද (05) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේය.
මෙවර ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සිංගප්පූරුවේදී පැවැත්වේ.
" A " කාණ්ඩයේ මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාව සමග තරග වැදුණේ පිලිපීන කණ්ඩායමයි.
ආරම්භයේ සිටම වැඩි දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 99 ට 37 ක් ලෙස තරගය ජය ගැනීමට සමත් විය.
ගියවර ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ වාර්තා කළ දෙවැනි ජයග්‍රහණය මෙයයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් " A " කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.
ඔවුන් ඉන්දියාව සමඟ පැවති තරගය ලකුණු 102 ට 14 ක් ලෙස ජය ගැනීමට මීට පෙර සමත්විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ශූරතාවලියේ දෙවැනි වටය සඳහා අද සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් හෙට (07) මලයාසියාව සමග තරග වැදීමට නියමිතය.
