IMF ප්‍රධානියාගෙන් දැනුම් දීමක්

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකාව එකඟතාවට පැමිණීම සතුටට කරුණක් - IMF ප්‍රධානී

by Staff writer 04-09-2022 | 1:52 PM

COLOMBO (News 1st) - IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකාව,  කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම ගැන ඉතා සතුටුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සඳහන් කරයි. 

ඇය කියා සිටින්නේ, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් සඳහා ඇතිකර ගත්තා වූ ගිවිසුම ශ්‍රී ලංකාවට වැදගත් පියවරක් බවයි.