.webp)
COLOMBO (News 1st) – බංග්ලාදේශයේ මුශ්ෆිකර් රහීම් ජාත්‍යන්තර 20 යි 20 ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
මුශ්ෆිකර් රහීම් ජාත්‍යන්තර 20 යි 20 ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (04)ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ ය.
එක්දින සහ ටෙස්ට් තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගෙන තිබේ.
35 හැවිරිදි මුෂ්ෆිකර් රහීම් මේ දක්වා බංග්ලාදේශය නියෝජනය කරමින් සහභාගී වී ඇති ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 තරග ගණන 102 කි.
එහිදී ඔහු ලකුණු 1500 ක් රැස් කර තිබේ.