.webp)
COLOMBO (News 1st) - හල්දුම්මුල්ල, උඩවේරිය වත්ත, සන්වැලි වතුයාය ප්‍රදේශයේදී, දිය ඇල්ලක් අසල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයෙකු දිය ඇල්ලට ඇඳ වැටී මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, වැලමිටියාව ගුරුතලාව පදිංචි 24 හැවිරිදි තරුණයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියගිය පුද්ලයා ඊයේ (03) තවත් තරුණයෙකු සමග දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇති අතර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යැමේදී පය ලිස්සා ඇල්ලට ඇඳ වැටී තිබේ.
පසුව පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ පහළ දිය වළක තිබී තරුණයාගේ මළ සිරුරු හමුවූ බව පොලීසිය ප්‍රකාශ කළේ ය.