පහරදීමකින් කාන්තාවක් ඝාතනය කෙරේ

පහරදීමකින් කාන්තාවක් ඝාතනය කෙරේ

by Staff writer 04-09-2022 | 1:53 PM

COLOMBO (News 1st) - ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

ආරවුලක් මත ඇතිවූ  බහින්බස්වීමක් දුර දිග යෑම ඝාතනයට හේතුව වී තිබේ.

ඝාතනය සිදුකළ  පුද්ගලයාට එරෙහිව ඝාතනයට ලක්වූ  කාන්තාව පොලීසියට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ඉල්ලා අස් කර ගන්නා ලෙස බල කරමින්  එම බහින්බස්වීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි කාන්තාවකි. 

සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.