.webp)
COLOMBO (NEWS1ST): ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 ත් 200 ත් අතර මිලකින් පහත දැමීමට පියවර ගන්නා බව, ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පිරීස් මහතා සඳහන් කළේ, හෙට(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි එම මිල අඩු කිරීම සිදුකරන බවයි.
මේ වනවිට නව මිල ගණන්වලට අදාළ ගණනය කිරිම් සිදුකරමින් ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර, විදෙස්ගතව සිටින පුද්ගලයින්ට මෙරට ඥාතීන් වෙනුවෙන් ගෑස් සිලින්ඩර් ඇණවුම් කිරීමේ අවස්ථාව ලබා දීමට පියවර ගෙන ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පිරිස් මහතා පැවසුවේ, ඒ සඳහා ඇප් එකක් නිර්මාණය කර ඇති බවයි.
ඩොලර් මගින් ගෙවීම් කර, ඇණවුම් කිරීමෙන් පසු ආසන්නතම නියෝජිතයා හරහා අදාල ගැස් සිලින්ඩරය ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.
මේ අතර, ගෑස් මිල ගණන් පහත දැමීමේ තීරණයක් ගෙන නොමැති බව, අප කළ විමසීමකදි ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කළේ ය.