.webp)

COLOMBO (NEWS1ST): එළඹෙන සතියේ හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීම පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අදාල නිලධාරින් සමග සාකච්ඡා කර තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, පවතින ඉන්ධන තොග පිළිබඳව මෙන්ම පිරිපහදුව මගින් දෛනිකව නිෂ්පාදනය කරන ඉන්ධන තොග සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමු කළ බවයි.
කෘෂිකාර්මික , ධීවර, කර්මාන්ත, පොදු ප්‍රවාහන අවශ්‍යතා සම්පුර්ණ කිරීම පිළිබඳව ද එහිදී විශේෂ අවදානය යොමු කර තිබේ.
