.webp)
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
156 වැනි පොලිස් දින සැමරුම ආරම්භ වුණේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීමත් සමගයි.
ජනාධිපතිවරයා වෙනුවෙන් පොලිස් ආචාර්ය පෙළපාලියක් ද පැවැත් විය.
අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරු ඇතුළු පිරිසක් ද උත්සවයට එක්ව සිටියහ.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා,
වර්තමානයේ වැඩි වශයෙන් මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා බහට ලක්වන අතර ශ්‍රී ලංකා පොලීසිය වශයෙන් අප විසින් සිදු කරන සම්ප්‍රදායික රාජකාරියෙන් ඔබ්බට ගොස් භාෂණයේ නිදහස ඇතුළු සමස්ත මහජනතාවගේ අයිතීන්ට ගරු කරන රාමුවක් තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා පොලිස් නිලධාරීන් හැඩගැස්වීම අවශ්‍ය වන අතර ඒ සඳහා දැනටමත් අපි විවිධ ක්‍රියාමාර්ග දියත් කර ඇති බවට ප්‍රකාශ කරනවා. අප සියලු දෙනා මෙම සමාජයේ කොටස්කරුවන් බවත් සමාජයේ සියල්ලන්ට අයත්බවත් හා සමාජය සියල්ලන්ට එක හා සමානව සලකන බවත් අවධාරණය කර ගනිමින් පොලිස් නිලධාරියා ක්‍රියාකළ යුතු අතරම. මෙම තත්ත්වය අවබෝධ කර ක්‍රියා කළ යුතු මට්ටමට සමාජය පත් කිරීමට පොලීසියට අයත් රාජකාරියක් වෙනවා.
මේ අතර පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්වයේදී ජීවිතක්ෂයට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ආරක්ෂක නිලධාරයාව සිටි ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති පොලිස් වීරතා පදක්කමක් ප්‍රධානය කිරීම සිදු වුණේ ජනාධිපතිවරයා අතින්.
මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් 4450 දෙනෙකු ඇගයීම සංකේතවත් කරමින් නිලධාරීන් 30 දෙනෙක් වෙත ජනාධිපතිවරයා අතින් සේවා ඇගයීම් සහතිකපත් ප්‍රධානය කෙරුණි.
යාවත්කාලීන කරන ලද පොලිස් වෙබ් අඩවිය හා විද්‍යුත් පුවත්පත එළිදැක්වීම කරනු ලැබුවේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
කවුරු හරි බලනවා නම් පාර්ලිමේන්තුව නැතුව පිටින් අගමැතිවරයා ඉවත් කරන්න කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න එහෙනම් ඒ අය ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා. ඒක වීර ක්‍රියාවක් කියලා කියන්න බැහැ. අන්න එහෙම අවස්ථාවක තමයි අපිට මුහුණ දෙන්නට සිදු වුණේ. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු ආරක්ෂාව වුණේ මේ යුද්ධ හමුදාවයි පොලීසියයි එය ආරක්ෂා කරන්න ක්‍රියා කරපු නිසා. සමහරු කියනවා මේක ප්‍රජාතන්ත්‍රවිරෝධී කියලා සමහරු කියනවා එ ආව අයට හරියට සැලකුවේ නැහැ කියලා ඒ අය මර්දනය කරා කියලා. ඉතින් වෙන මොකද්ද කරන්නේ පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් එන අයට තේ කෝප්ප දෙන්න ද? ඉතින් මේක තිබුණා නම් මොකක්ද වෙන්නෙ කවුද දන්නේ අද. නීතියක් තියෙනවද සාමයක් තියෙනවද ගෙවල්වලට පැනලා ගිනි තියෙනවද බඩු අරගෙන යනවද විශාල බයක් රටේ තිබුණා. දැන් මේකට සුදු හුණු ගාන එක වැඩක් නැහැ. පොලීසියේ පරීක්ෂණවලින් ඒ කරුණු දැන ගනියි මං හිතන්නේ පාර්ලිමේන්තුවටත් මේ ගැන හොයා බලන්න සිදුවේවි. ඉතින් අපේ යුතුකම මේ අවස්ථාවේදී මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරියට ගෙන යන්න. අපේ යුතුකම මේ සාමකාමී අරගලකරුවන් ඉල්ලුවේ සමාජයේ වෙනස්කම් ඇති කරන්න. මොකද අනාගතය අයිති වෙන්නේ අයට අපිට නෙවෙයි එහෙනම් ඒ අදහස්වලට ඇහුම්කන් දීලා අපි ඉදිරියට යන්ක ඔනේ. අපි මතක තියාගන්න ඕන දේශපාලනඥයෝ හැටියට අපේත් වැරදි වෙලා තියෙනවා ඒක අපිට දැන්නුවා. එහෙනම් ඔක්කම එකතුවෙලා අලුත් ගමනකට අපේ හැත්තෑ පස් වෙනි නිදහස් දිනයේදි ආරම්භ කරන්න
විචිත්‍රවත් සංදර්ශනවලින් ද පොලිස් දින සැමරුම වර්ණවත් විය.
?මහජන සේවයට කැපවුණු ශ්‍රී ලංකා පොලීසියට වසර 156යි..?මහජන සේවයට කැපවුණු ශ්‍රී ලංකා පොලීසියට වසර 156යි.. https://youtu.be/IRYEhpDwsmc Read More: https://news1st.lk/3THYgM0 #lka #SriLanka #SLnews #News
Posted by Newsfirst.lk on Saturday, September 3, 2022