කොළඹ රාජකීය විදුහල ''බ්‍රැඩ්බි පලිහ'' දිනා ගනී

මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කළ කොළඹ රාජකීය විදුහල ''බ්‍රැඩ්බි පලිහ'' දිනා ගනී

by Staff writer 03-09-2022 | 8:25 PM

COLOMBO (News 1st) - මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහි බ්‍රැඩ්බි පලිහ වාර්ෂික රග්බි තරගය කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම අද (03) ජය ගත්තේ ය.

ඔවුන් බ්‍රැඩ්බි පලිහ දිනූ 35 වැනි අවස්ථාව මෙයයි. 

කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලාන්තර බ්‍රැඩ්බි පලිහ වාර්ෂික රග්බි තරගය අදියර දෙකකින් සමන්විත විය.

කොළඹදී පැවැති මෙවර තරගයේ පළමු අදියර රාජකීයයන් ජය ගත්තේ ලකුණු 29ට 0ක් ලෙසය.

එහි දෙවැනි අදියර මහනුවර පල්ලෙකැලේදී අද පැවැත් විය.

එහි පළමු අර්ධයේදී ලකුණු 10 ට 8ක් ඉදිරියෙන් සිටියේ සත්කාරක මහනුවර ත්‍රිත්ව කණ්ඩායමයි.

දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව කණ්ඩායම තවත් ලකුණු 16 ක් රැස් කළ අතර රාජකීයයන් ලකුණු 13ක් ලබා ගත්තේ ය.

ඒ අනුව අද පැවැති දෙවැනි අදියර ත්‍රිත්ව කණ්ඩායම ජය ගත්තේ ලකුණු 26ට 21ක් ලෙසය.

කොළඹ සහ මහනුවර අදියර දෙක අවසානයේදී ලකුණු 50ට 26ක් ලෙස රාජකීය කණ්ඩායම ජය තහවුරු කර ගත්තේ ය.

 
?මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කළ කොළඹ රාජකීය විදුහල ''බ්‍රැඩ්බි පළිහ'' දිනා ගනී..

?මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කළ කොළඹ රාජකීය විදුහල ''බ්‍රැඩ්බි පළිහ'' දිනා ගනී.. https://youtu.be/IRYEhpDwsmc #lka #SriLanka #SLnews #News #MGM

Posted by Newsfirst.lk on Saturday, September 3, 2022