මන්ත්‍රී දේපොළවලට හානි කළ තවත් 4ක් අත්අඩංගුවට..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපොළවලට හානි කළ තවත් 4 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 03-09-2022 | 5:03 PM

COLOMBO (News 1st) - සමන්ප්‍රිය හේරත් හා කෝකිලා හර්ෂණී ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපොළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතාගේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පක්ෂ කාර්යාලයට ගිනි තබා විනාශ කල 42 හැවිරිදි සැකකරුවෙකු මහලන්ද, ඉහළ එළතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියගේ ලෝලාවාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට, කාර්යාලයට හා මන්ත්‍රීවරියගේ සොහොයුරාගේ නිවසට, වාහනවලට පහරදී ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 19, 22 හා 30 යන වයස්වල පසුවන මීරිගම හා ලෝලුවාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

පසුගිය මැයි මස 9 වැනිදා එම අලාභහානි කිරීම් සිදුව තිබුණි.