.webp)
භූගත ජලයට බැර ලෝහ මිශ්‍ර වෙලා..
මේ දුක ඉවසාගෙන පරම්පරා ගණනක් ජීවත් වූ කුරුණෑගල වළලිය ගම්මුන්ට අද (03) ගම්මැද්ද බලාපොරොත්තුවක් එක් කළේ ය.
කුරුණෑගල, අඹන්පොළ, වළලිය ගම්මානයේ වැලලිය නොහැකි වතුර ප්‍රශ්නය විසඳන්න ගම්මැද්ද අද මුලපිරුවේ ය.
වළලිය ගමේ වළඳකට ගන්නවත් හොඳ වතුර ටිකක් තිබ්බේ නැත.
ගම්මු හැමදාම වතුර බිව්වේ මේස හැඳි ගානටයි.
හැබැයි ළඟදීම මේ ගම්මුන්ට හිතේ හැටියට පිරිසිඳු වතුර ටිකක් බොන්න පුළුවන්.
වළලිය ගමට ජල බලාපොරොත්තු දෙමින් පිරිපහදු ජල පද්ධතියකට ගම්මැද්ද මූලීකත්වයෙන් අද මුල් ගල තැබුවේ ය.
ඒ, කැපිටල් මහරාජා සමුහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ ව්‍යාපෘතියට දායකත්වය දැක් වූ එංගලන්තයේ පදිංචි තේමීය ඩි මෙල් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේ ය.
දූ දරුවන්ගේ දක්ෂතාවලින් අද දවස වර්ණවත් විය.
දශකයකට වැඩි කාලයක් නොනවත්වා ජනතා මෙහෙවරෙහි නිතර ගම්මමැද්දෙන්, පරම්පරා ගණනාවක් දුක් විඳි වළලිය ගම්මුන්ගේ මුවඟට සිනහව ගේන දිනය වැඩි ඈතක නොවනු ඇති.
?කුරුණෑගල වළලිය ගමේ සැබෑ වූ වැලලිය නොහැකි සිහිනය..?කුරුණෑගල වළලිය ගමේ සැබෑ වූ වැලලිය නොහැකි සිහිනය.. #lka #SriLanka #SLnews #News
Posted by Newsfirst.lk on Saturday, September 3, 2022