මිද්දෙණියේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

මිද්දෙණියේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 02-09-2022 | 8:36 AM

COLOMBO (News 1st) – මිද්දෙණිය, සතොස්මාතාගම ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. 

මියගොස් ඇත්තේ 47 හැවිරිදි සතොස්මාතාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා ඊයේ රාත්‍රි 9 .30 ට පමණ යතුරුපැදියකින් තම  නිවසට යමින් සිටියදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව  පොලිසිය පැවසී ය. 

අප වාර්තාකරු පැවසුවේ, වෙඩි වැදීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි.

මිය ගිය පුද්ගලයා 2017 වර්ෂයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු  බව පොලිසිය පැවසී ය.