IMF සහන ගන්න දේශපාලන අස්ථාවරත්වය අවදානමක්

IMF සහන ගන්න දේශපාලන අස්ථාවරත්වය අවදානමක් - ෆිච් රේටින්ග්ස්

by Staff writer 02-09-2022 | 6:58 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය පහසුකමක් ලබාදීම සඳහා එකඟතාවයන් පළ කළ ද ණය ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රියාත්මක කිරීමේදී සහ ණය අරමුදල් බෙදා හැරීමේදී රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය අවදානමක් බව ෆිච් රේටින්ස් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, ආණ්ඩුවට ජනතා සහයක් නොමැති පසුබිමක මේ වනවිටත් රටේ ජනතාව සඳහා වෙන් කර ඇති අතිරේක අරමුදල්, ජනතාවගෙන් පැමිණෙන විරෝධය නවත්වාලීමට ප්‍රමාණවත් නොවන බවයි.

ස්ථාවර මූල්‍ය ප්‍රතිපත්ති නොමැතිවීම 2023 - 24 ආර්ථික වර්ධනයට බලපෑම් කළ හැකි බව පවසන ෆිච් රේටින්ග්ස් ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලද ණය එකඟතාවය රටේ සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මූල්‍ය ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කිරීම පිළිබඳව සංඥාවක් ලබා දෙන බව ද පෙනවා දෙයි.

 
IMF සහන ගන්න දේශපාලන අස්ථාවරත්වය අවදානමක්

IMF සහන ගන්න දේශපාලන අස්ථාවරත්වය අවදානමක් - ෆිච් රේටින්ග්ස් - #lka #SriLanka #SLnews #IBS

Posted by Newsfirst.lk on Friday, September 2, 2022