2022 සංශෝධිත අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

by Staff writer 02-09-2022 | 5:42 PM

COLOMBO (News 1st) - 2022 සංශෝධිත අයවැය කෙටුම්පත පිළිබඳව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 115 කින් අද (02) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එහිදී පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂය ලැබුණු ඡන්ද සංඛ්‍යාව 5 කි.

ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 43 කි.

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

සමගි ජනබලවේගය හා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයට එක් වූ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිස ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ කුමාර් වෙල්ගම මහතා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 10 දෙනාම ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.