.webp)
COLOMBO (News 1st) – සිරස ඇතුළු මාධ්‍ය මර්දනය වහා නවත්වන්නැයි, විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටී.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකයවරයා කියා සිටියේ, සිරස මාධ්‍ය ජාලය මර්දනය කිරීමේ උත්සාහයක් පවතින බවයි.
''මේ මොහොතෙ හදන්නෙත් සිරස මර්දනය කරන්න. මේ රටේ පොඩි මිනිස්සුන්ට ගම්මැද්ද වැනි දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කරලා ආණ්ඩුවට දේශපාලකයින්ට පෙනෙන්නෙ නැති අසරණ ජනතාවට ශක්තියක් වන සිරස මාධ්‍ය ජාලය මර්දනය කරන්නට උත්සාහ කරනවා.''
ඒ අනුව විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, නිදහස් මාධ්‍යට ඉඩ ලබා දෙමින් සාමජ මාධ්‍ය, මාධ්‍යවේදීන් මර්දනය වහා නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.