මිල සුත්‍රය අනුව අද ඉන්ධන මිල වෙනස් වෙයිද?

මිල සුත්‍රය අනුව අද ඉන්ධන මිල වෙනස් වෙයි ද?

by Staff writer 01-09-2022 | 4:25 PM

COLOMBO (News 1st) –  මිල සූත්‍රයට අනුව සෑම මසකම 01 වැනිදා ඉන්ධන මිල සංශෝධනය විය යුතු ව තිබුණ ද අද දිනයේ ඉන්ධන මිල අඩුවීමක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අතුරු අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. 
 

''මේ මිල සංශෝධනය සිදුවිය යුතුව තිබුණත් මම විශ්වාස කරන්නේ නැහැ අද තියෙන ආනයනික මිලත් එක්ක ඒ සංශෝධනය තුළින් අඩුවීමක් වෙයි කියලා''


අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මිල ස්‍රත්‍රය අනුව ප්‍රතිලාභ ලැබිය යුතු අවස්ථාවේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමටත් අනෙක් අවස්ථාවන්හිදී ආයතනට හෝ රජයට බරක් නොවන ලෙස සංශෝධනය කිරිමට ත් පියවර ගෙන ඇති බවයි. 

තව ද සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක වී තවමත් ගතව ඇත්තේ, සති දෙකක් පමණක් බව ද අමාත්‍යවරයා  එහිදී කියා සිටියේ ය.