IMF එකෙන් ලංකාවට අමෙ. ඩොලර් බිලියන 2.9 ක ණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බි. 2.9 ක විස්තීරණ ණය පහසුකමක්

by Staff writer 01-09-2022 | 10:53 AM

COLOMBO (News 1st) – අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුමක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකඟතාවක් ඇති කර ගැනීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, ශ්‍රී ලංකා බලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව ඒ පිළිබඳ එකඟතාවට පැමිණි බවයි.

මෙම මුදල් මාස 48 ක කාල සීමාවක් සඳහා ලබාදීමට නියමිතව තිබේ.