ජල ගාස්තු ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක‌යි

ජල ගාස්තු ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක‌යි

by Staff writer 01-09-2022 | 10:07 AM

COLOMBO (News 1st) - ජල ගාස්තු 70% කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක‌ වේ.

නව සංශෝධනය යටතේ සාමාන්‍ය නිවසක ජල ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ යනු ඇති.

ජල ඒකකයක් ලෙස සැලකෙන්නේ ලීටර් 1000 කි. 

පැවති මිල ක්‍රමය අනුව ජල ඒකක 15 ක් පරිහරණය කරන සාමාන්‍ය නිවසක ජල බිල රුපියල් 310 කි.

නව සංශෝධිත මිල අනුව ඒකක 15 ක් භාවිත කරන නිවසක ජල බිල්පත රුපියල් 705 ක් වනු ඇති.