කෑමට නුසුදුසු මාළු තොගයක් තෝප්පුවෙන් අල්ලයි

කෑමට නුසුදුසු මාළු තොගයක් තෝප්පුවෙන් අල්ලයි

by Staff writer 01-09-2022 | 8:43 AM

COLOMBO (News 1st)  - මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝග්‍රෑම් 5,670 ක් සමග සැකකරුවෙකු තෝප්පුව පාලම අසලදී කොච්චිකඩේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම මාළු තොගය ලොරියකින්, හලාවත සිට මීගමුව දෙසට ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව එය සොයා ගත් බවයි. 

මාළු තොගයේ වටිනාකම රුපියල් තිස් හතර ලක්ෂ දෙදහසකි.

53 හැවිරිදි සැකකරු අද (01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.