මිහායිල් ගොර්බචොෆ් අභාවප්‍රාප්ත වෙයි

සෝවියට් සමුහාණ්ඩුවේ අවසන් නයක මිහායිල් ගොර්බචොෆ් අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 31-08-2022 | 8:32 AM

News 1st - සෝවියට් සමුහාණ්ඩුවේ අවසන් නයකයා වන මිහායිල් ගොර්බචොෆ් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට  91 වැනි වියේ පසු වූ ඔහු පෙර දීර්ඝ කාලයක් වකුගඩු ආබාධයකින් පෙළුණු බව සඳහන් ය.

සීතල යුද්ධය සාමකාමී අවසානයකට ගෙන ආ පාලකයා වන්නේ ද මිහායිල් ගොර්බචොෆ් ය.

1985 දී බලයට පත් වූ ගොර්බචොෆ් එවකට සෝවියට් සංගමය ලෝකයට විවෘත කරනු ලැබී ය. 

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ, ඔහු "ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ" නායකයෙකු බවයි.

ගොර්බචොෆ් මහතාගේ අභාවය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ, ගොර්බචොෆ් මහතාගේ ධෛර්ය  සහ අවංකභාවය තමන් අගය කරන බවයි.