රු. කෝ‌ටි 15 කට අධික රන් බිස්කට් රේගු භාරයට

රු. කෝ‌ටි 15 කට අධික රන් බිස්කට් කටුනායකදී රේගු භාරයට

by Staff writer 31-08-2022 | 11:23 AM

COLOMBO (News 1st) - රුපියල් පහළොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක සේවකයෙකි.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, කිලෝග්‍රෑම් 6 යි ග්‍රෑම් 995 ක් බරැති රන් බිස්කට් 60 ක් සැකකරු විසින් ගුවන්තොටුපොළින් පිටතට රැගෙනයාමට තැත් කර ඇති බවයි.

ඩුබායි සිට මෙරටට ගෙන එන ලද රන් බිස්කට් 60 ක් එලෙස ගුවන්තොටුපොළින් පිටතට රැගෙනයාම උත්සාහ දරා ඇත.

සැකකරු ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.