.webp)
-499411.jpg)
COLOMBO (News 1st) : ඉදිරි පැය 24 තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල , නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමගයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන් වඩාත් විමසිල්ලෙන් කටයුතු කළයුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අතර බස්නාහිර , දකුණු , සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ පහළ වායු ගෝලයේ කැළඹිලි සහගත තත්ත්වයක් හේතුවෙනි.
කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි හැකි බවයි.
