භාණ්ඩ 37 කට කොන්දේසි පනවමින් ගැසට් නිවේදනයක්

භාණ්ඩ 37 කට කොන්දේසි පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 31-08-2022 | 7:28 AM

COLOMBO (News 1st) - අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් භාණ්ඩ 37 ක් වෙළෙඳපොළට නිකුත් කිරීම සහ අලෙවිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය නව රෙගුලාසි මාලාවක් පනවා තිබේ.

පරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, වෙළෙඳපොළට භාණ්ඩ සැපයීම, විධිමත් කිරීම සඳහා මෙම පියවර ගත් බවයි. 

දේශීය මෙන්ම ආනයනික භාණ්ඩ වර්ග 37 ක් මෙම නව රෙගුලාසිවලට අදාල වේ.

සිමෙන්ති, පරිප්පු, සහල්, බිත්තර, වානේ සහ යකඩ, කිරිපිටි, පොල්තෙල්, තිරිගුපිටි, කරවල, කෘෂි රසායන ඇතුළු භාණ්ඩ වර්ග මෙම ලයිස්තුවට ඇතුළත් ය.

මෙම රෙගුලාසි අනුව ආනයනය කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම, විකිණීම සම්බන්ධයෙන් පරිභෝගික කටයුතු අධිකාරිය නිරන්තර අවධානයෙන් පසුවන බවත් අවශ්‍ය අවස්ථාවල මැදිහත්වීම් සිදු කරන බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් ය.