පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය තවදුරටත්... හෙට (01)

පහළ වායු ගෝලීය කැළඹිලි තත්ත්වය තවදුරටත්... හෙට (01)ත් වැසි

by Sagarika Chathumali 31-08-2022 | 2:30 PM

COLOMBO (News 1st) –බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (01) දිනය සඳහා අද දහවල් 12.00 ට නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, උතුරු පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.