පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයට

ජී.එල්., ඩලස් ඇතුළු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයට

by Sagarika Chathumali 31-08-2022 | 10:12 AM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමක්  පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ති‌බේ. 

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජී.එල් පීරිස් මහතා පැවසුවේ, අද (31) සිට තමන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විරුද්ධ පක්ෂයේ අසුන් ගන්නා බවයි. 

ඒ අනුව විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් මෙසේයි.  

1. මහාචාර්ය ජී.එල්. පීරිස් 
2. ඩලස් අලහප්පෙරුම
3. නීතිඥ ඩිලාන් පෙරේරා 
4. ආචාර්ය නාලක ගොඩහේවා
5. මහාචාර්ය චරිත හේරත් 
6. මහාචාර්ය චන්න ජයසුමන 
7. කේ.පී. එස්. කුමාරසිරි 
8. ගුණපාල රත්නසේකර 
9. නීතිඥ උදයන කිරිඳිගොඩ 
10. නීතිඥ වසන්ත යාපා බණ්ඩාර 
11. වෛද්‍ය උපුල් ගලප්පති 
12. වෛද්‍ය තිලක් රාජපක්ෂ 
13. ලලිත් එල්ලාවල