2022 සංශෝධිත අය - වැය යෝජනා ලුහුඬින්..

by Staff writer 30-08-2022 | 2:26 PM

 

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2022 සංශෝධිත අය – වැය අද (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.


ඒ අනුව ඉදිරිපත් වූ සංශෝධිත අය – වැය යෝජනා ලුහුඬින්.... 

? 2022 සැප්තැම්බර් 01 වැනිදා සිට එකතු කළ අගය මත බද්ද (VAT) 12% සිට 15% දක්වා ඉහළට.

? වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18 වැඩි සියලු වාසික පුද්ගලයින් අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ අවශ්‍යතාව 

? රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ. දැනට අවුරුදු 60 වැඩි සියලු සේවකයින් 2022 දෙසැම්බර් මාසයේ විශ්‍රාම ගැන්වීමට පියවර.  

?ස්වාධීනව ක්‍රියාත්මක වන ජාතික ණය කළමනාකරණ ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවීමට යෝජනා.

?තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහ නගරසභාවට අනියුක්ත කිරීමට යෝජනා. 

?ලංකා බැංකුව සහ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20%ක් තැන්පත්කරුවන්ට හා සේවකයින්ට ලබාදීමට යෝජනා.

?ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 2500/= ක අතුරු දීමනාවක් ලබා දීමට යෝජනා. 

?සහන සැලසිය යුතු පවුල් 61,000 ක් සඳහා මසකට රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට යෝජනා. 

?ගොවීන් රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර හැර ඇති රුපියල් මිලියන 680ක මුදල (පොලිය හැර) කපා හැරීමට යෝජනා. 

?කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීමට යෝජනා. 

?ශ්‍රී ලාංකිකයින්ගේ සහය රටට ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන එතෙර ශ්‍රී ලාංකිකයින් සඳහා වන කාර්යාලයක් ඇති කිරීමට යෝජනා 

? දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගැනීමත්, අදර්ශ ව්‍යාපෘතිය ලෙස කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනයටත් යෝජනා. 

?ඉදිරියේදි රජයේ අවශ්‍යතා සදහා විදුලියෙන් ක්‍රියාත්මක වාහන පමණක් මිලදි ගැනීමටත්, පොසිල ඉන්ධන දහනයෙන් ධාවනය වන වාහන භාවිතය ඉදිරියේදී අත්හිටුවීමටත් යෝජනා.