.webp)
COLOMBO ( News 1st) - ඉන්දියානු ව්‍යාපාරිකයෙක් නීති විරෝධී ලෙස මෙරටින් අපනයනය කිරීමට තැත්කළ අබලි යකඩ මෙට්‍රික් ටොන් 140ක් රේගු භාරයට ගෙන තිබේ.
රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ අබලි යකඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.