.webp)
COLOMBO (News 1st) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අද තවත් පෙත්සමක් ඉදිරිපත් විය.
පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, නීතිඥ විජිත් කුමාර මහතා විසිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර තිබේ.
මේ අතර මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන්නැයි, ඉල්ලමින් ඊයේ (29) දිනයේ ද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණ.
නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයායි.