.webp)
COLOMBO (News 1st) – පාලනයට එරෙහි අරගලක නිරත ඉරාක වැසියන් ජනාධිපති මන්දිරයේ නාන තටාකය භුක්ති විඳින අයුරු දැක්වෙන දර්ශන සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, විරෝධතාකරුවන් මේ වන විට රජයේ ගොඩනැගිලි ගණනාවක බලය අල්ලාගෙන ඇති බවයි.
ඉරාක රජය ප්‍රතිචාර දැක්වූවේ ඊයේ රාත්‍රී සිට ඇඳිරි නීතිය පනවමිනි.
ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මුක්ටාඩා අල් සදර් දේශපාලනයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමත් සමග කැළඹිලි තත්ත්වය උත්සන්න වී තිබේ.
පවතින තත්තවයත් සමග බැග්ඩෑඩ්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් ද හෙලිකොප්ටර් මගින් ඉවත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.