සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්

සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

by Staff writer 29-08-2022 | 4:16 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව දඬුවම් පමුණුවන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ, අධිකරණයට අපහාස කිරීම සිද්ධියක් සම්බන්ධයෙනි.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා අදාළ පෙත්සම ගොනු කර තිබේ.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබේ.