.webp)
COLOMBO (News 1st) – අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන් අද(29) දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පසුගිය මැයි 09 වැනිදා සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරි සිදුවීම් අතරතුරු මන්ත්‍රී නිවාස ගිනි තැබීම් හා දේපොළවලට හානි කිරිමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව මෙම කැඳවීම කර ඇති බවයි.
අදාල මන්ත්‍රිවරුන් සිය නිවාස ගිනි ගැනිමට ලක් වූ බවට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
එහි ප්‍රකාශකයකු පැවසුවේ, මීට අමතරව මැයි 09 වැනිදා සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර නිවාස හා දේපොළ හානි වූ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කිහිපදෙනකු ද කොමිසම හමුවට කැඳවා ඇති බවය.
මන්ත්‍රීවරුන්ගෙන් අද දිනයේදී විමර්ශනය සඳහා අවශ්‍ය මූලික කරුණු සටහන් කර ගැනිම සිදු කිරීමට නියමිතව ඇති බව, මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.