.webp)
COLOMBO (News 1st) – ඉදිරි දින කිහිපය තුළ සවස් කාලයේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ඊයේ සිට සිට ලබන 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින අතර අද දින දහවල් 12:11 ට මන්නියකුලම්, අරිවියල් සහ වලෛයන්මදම්ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇති.