ස්ථාන 04ක් ගැන පුරාවිද්‍යාත්මක පරීක්ෂණයක්

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන 04ක් ගැන පුරාවිද්‍යාත්මක පරීක්ෂණයක්

by Staff writer 29-08-2022 | 4:22 PM

COLOMBO (News 1st) - ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ස්ථාන 04ක සිදුව ඇති හානි සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක විමර්ශනයක් කරන්නැයි, පොලීසිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ අගමැති කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථානවල විමර්ශන කරන්නැයි තම දෙපාර්තමේන්තුවෙන් පොලීසිය ඉල්ලා ඇති බවය.

මේ අනුව, ජනාධිපති මන්දිරයේ කෞතුක භාණ්ඩවලට, ගොඩනැගිල්ලට සිදුව ඇති හානිය සහ පුරා වස්තු සම්බන්ධයෙන් ලේඛනගත කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සම්බන්ධ පූර්ණ වාර්තාවක් කඩිනමින් ලබාදීමට මේ වනවිට පියවර ගනිමින් ඇති බවය.

පොලීසිය කළ ඉල්ලීම අනුව, සෙසු ස්ථානවල විමර්ශන කටයුතු ද ආරම්භ කිරීමට පියවර ගන්නා බව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.