A/L සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය

උ/⁣පෙළ සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය: අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි..

by Staff writer 29-08-2022 | 7:14 AM

COLOMBO (News 1st) – විදුහල්පතිවරුන්ට අද (29)සිට 2021 උසස් පෙළ ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට අවස්ථාව සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, දෙවන හා තෙවන වර උසස් පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ට ලබන පළමුවැනිදා සිට 8 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵළ ඊයේ(28) නිකුත් කළේ ය.

විභාගය සඳහා අයැදුම්කරුන් 272,682 ක් පෙනී සිටි අතර ඉන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ. 

අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි ද, විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.