ජනපති කාර්යාලයට ඇතුළු වූ අය සොයා මහජන සහය පතයි

ජනපති කාර්යාලයට ඇතුළු වූ පුද්ගලයින් 72ක් සොයා පොලීසිය මහජන සහය පතයි..

by Staff writer 28-08-2022 | 3:53 PM
COLOMBO (News 1st) -  2022.07.09 වන දින ජනාධිපති කාර්යාලයට ඇතුළු වී, එහි දේපොළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් වන පුද්ගලයින් 72 ක් හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය පතයි. අදාල සැකකරුවන්ගේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාල සැකකරුවන් සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 011 2083049, 0756371563 හෝ 1997 ක්ෂණික දුරකතන අංකයට දැනුම් දෙන ලෙසය.