චීන නැව ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ..

හම්බන්තොටින් ගිය චීන නැව ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ..

by Staff writer 27-08-2022 | 7:16 PM

 COLOMBO (News 1st) –  යළිත් චීනයේ යුවාන් වැන්ග් 05 මෙහෙයුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව වැඩි අවධානයක් යොමුව තිබේ. 

ද හින්දුස්ථාන් ටයිම්ස් අද වාර්තා කර තිබුණේ, අගෝස්තු 22 හම්බන්තොට වරායෙන් පිටත් වූ, චීන චන්ද්‍රිකා සහ බැලස්ටික් මිසයිල ලුහුබැඳීමේ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ පිහිටි දෙවුන්දර තුඩුවේ සිට දකුණු-ගිණිකොණ දෙසින් නාවික සැතපුම් 400  දුරින් සාගර පතුල සිතියම්ගත කරමින් සිටි බවය.

චීන අධිතාක්ෂණික නෞකාව ශ්‍රී ලංකාවෙන් පිටත් වූ පසු චීනය් ෂැංහයි හි ජියැන්ග්යින් වරායට යාත්‍රා කිරීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත්, නෞකාව ආපසු චීනයට යන අතරමගදී වෙනත් වරායක නතර වනවාද යන්න අවිනිශ්චිත බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.