පාසල් දරුවන් වෙනුවෙන් අමෙරිකාවෙන් ආධාර..

පාසල් දිවා ආහාර පෝෂණ මට්ටම ඉහළ නැංවීමට අමෙරිකාවෙන් ආධාර..

by Staff writer 27-08-2022 | 7:32 PM

 COLOMBO (News 1st) – පාසල් දිවා ආහාර පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා ඊයේ(26) අමෙරිකාව ආධාර තොගයක් පිරිනමනු ලැබුවේ ය.

මේ යටතේ පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් සහ සැමන් මෙට්‍රික් ටොන් 890 ක් ප්‍රධානය කෙරිණි.

අමෙරිකානු රජය ප්‍රධානය කළ මෙම අධාර තොගය මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චැන්ග් මහත්මිය මුතුරාජවෙල පිහිටි ගබඩා සංකීර්ණයකදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ඊයේ භාරදෙනු ලැබිණි.