ජනපති සහ IMF අතර තවත් සාකච්ඡාවක්

ජනපති සහ IMF නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක්

by Staff writer 27-08-2022 | 7:15 PM

COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) නියෝජිතයින් සහ මෙරට ඉහළ පෙළේ නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට නියමිතයි.

ඒ, රටේ මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ(26) සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විය.

විදුලි බල සංශෝධනය, සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරය ආශ්‍රයෙන් මෙම සාකච්ඡා සඳහා අවශ්‍ය අතිරේක තොරතුරු ලබා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කරන ලද ඉල්ලීමට අනුව අදාළ තොරතුරු ලබන සඳුදා ලබා දීමට එකඟතාව පල වී තිබේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරු සහ නීති උපදේශකවරු මෙම සාකච්ඡාවට එක්ව තිබේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගිය 24 වැනිදා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්විය.