කෝටි 03ක රත්‍රං තොගයක් රේගුව භාරයට..

ගුවන් තොටුපොළින් පන්නන්න ගිය කෝටි 03ක රත්‍රං තොගයක් රේගුව භාරයට..

by Staff writer 27-08-2022 | 5:22 PM

COLOMBO (News 1st) – නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් කෝටි 03කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී  රේගු භාරයට ගෙන තිබේ. 

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, පැරිසියේ සිට මෙරටට පැමිණි මගියෙකු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 02කට අධික බරකින් යුත් අදාල රත්‍රං තොගය සිය භාරයට ගත් බවය.

එහි වටිනාකම රු. තුන්කෝටි හැට දෙලක්ෂ දහ නව දහසකට ආසන්න වේ.