සනත් නිශාන්ත කළ ප්‍රකාශයක් ගැන CID යට පැමිණිල්ලක්

සනත් නිශාන්ත කළ ප්‍රකාශයක් ගැන පුද්ගලයෙක්ගෙන් CID යට පැමිණිල්ලක්..

by Staff writer 26-08-2022 | 8:55 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පසුගිය දා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඉංජිනේරු තිලක් පට්ටියකුඹුර මහතා,

මේ ප්‍රකාශයේ ගැබ්වීම ගත්තොත් ඉතාමත් පැහැදිලිව පේනවා අධිකරණයට අපහාස කිරීමක් ඒ ප්‍රකාශය තුළ තියනවා. ඒ වගේම නීති පද්ධතිය නොසලකා කටයුතු කරන්න කියලා ඒ ප්‍රකාශය තුළ තියනවා. රටක නීතිය හා අධිකරණ පද්ධතිය ආරක්ෂා කරගැනීම මහ ජනයාගේ, පුරවැසියාගේ අයිතියක්. අපි ඒ වෙනුවෙන් පැමිණිල්ලක් කලා කරුණාකරලා මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා අදාල දඬුවම් නියම කරන්න කියලා.

 
සනත් නිශාන්ත කළ ප්‍රකාශයක් ගැන CIDයට පැමිණිල්ලක්..

?සනත් නිශාන්ත කළ ප්‍රකාශයක් ගැන CIDයට පැමිණිල්ලක්.. ?"රටක නීතිය හා අධිකරණ පද්ධතිය ආරක්ෂා කර ගැනීම මහජනයාගේ අයිතියක්" - ඉන්ජිනේරු තිලක් පට්ටියකුඹුර - #lka #SriLanka #SLnews #MGC

Posted by Newsfirst.lk on Friday, August 26, 2022