ඇමති ටිරාන්ගෙන් පොලීසියට විශේෂ උපදෙස්

මත්ද්‍රව්‍ය සහ පාතාලය මඩින්න ඇමති ටිරාන්ගෙන් පොලීසියට විශේෂ උපදෙස්

by Staff writer 26-08-2022 | 8:03 PM

COLOMBO (News 1st) -  රට පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්පූර්ණයෙන් මර්දනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලීසියට විශේෂ නියෝගයක් ලබාදී තිබේ.

ඒ, අද (26) පෙරවරුවේ අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

මේ සාකච්ඡාවට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, මෙහිදී අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට සම්පූර්ණ ශක්තිය යොදා කටයුතු කරන ලෙස අදාල පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.