ජල මළඅපවහන ගාස්තුත් ඉහළට..

ජල මළඅපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

by Staff writer 26-08-2022 | 10:16 PM

COLOMBO (News 1st) - සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ජල මළඅපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නව ගාස්තු සංශෝධනය යටතේ ගෘහ කටයුතු සඳහා ජල පරිභෝජනය ඝණ මීටර් 50 ට වැඩි එක් ඝණ මීටරයක් සඳහා රුපියල් 13.50 ක ගාස්තුව අය කරන අතර එහි සේවා ගාස්තුව රුපියල් 300 කි. වාණිජ අය ක්‍රමය යටතේ ජල පරිභෝජනය ඝණ මීටර් 500 ට වැඩි ඝණ මීටරයක් සඳහා රුපියල් 88 ක් අය කෙරෙන අතර එහි සේවා ගාස්තුව රුපියල් 40,000 කි. කාර්මික අයක්‍රමය යටතේ ජල පරිභෝජනය ඝණ මීටර් 500 ට වැඩි ඝණ මීරයක් සඳහා රුපියල් 94 යි ශත 50 ක මුදලක් අයකෙරෙන අතර එහි සේවා ගාස්තුව රුපියල් 40,000 කි. සියලුම ජල ප්‍රභවයන් භාවිත කරමින් සිදු කරනු ලබන අදාල මාසයෙහි ජල පරිභෝජනය පදනම් කරමින් ගෘහ සහ වාණිජ සහ මහාපරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සපයන මළඅපවහන සේවා වෙනුවෙන් ගාස්තු අය කෙරේ. යම් මසකදී භාවිතය ශුණ්‍ය වුවද මාසික මළඅපවහන සේවා ගාස්තුව සියලු පරිශ්‍රයන් සඳහා අදාලයි. ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයෙහි ජල සැපයුමට අමතරව වෙනත් විකල්ප ජල ප්‍රභව භාවිත කරන විට ඒ සඳහා පරිහරණ ගාස්තුව වශයෙන් ජාතික සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා විසින් කාලානුරුපිව තීරණය කරනු ලබන අතිරේක ගාස්තුවක් පාරිභෝගිකායා විසින් ගෙවීම කළ යුතුයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ලය වෙමිත් ජල සැපයුම රහිතව මළඅපවහන සේවා පමණක් ලබාගෙන ඇති විටකදී මණ්ඩල නිලධාරීන් කණ්ඩායමක් විසින් පාරිභෝගිකයාගේ සහභාගිත්වයෙන් කරනු ලබන ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසුව තීරණය කරනු ලබන ඇස්තමේන්තු අගයකට මළඅපවහන ගාස්තුව නියම කෙරේ.